උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
- උපත සිදු වූ ස්ථානයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයේ පිටපත් ලබා ගත යුතුය.
- අදාළ සහතිකය දත්ත පද්ධතියේ තිබේ නම්, එහි සහතික කළ පිටපත ඔබ අසල ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
- 1960.01.01 සිට 2020.12.31 දක්වා සහතිකවල පිටපත් පද්ධතියෙන් ලබා ගත හැක. (ඔබ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් eBMD පද්ධතියේ තිබේද යන්න පරීක්ෂා කිරීමෙන් එය තහවුරු කර ගත හැක.)
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි දිනය දන්නා විට - එක් පිටපතක් සඳහා රු.120.00 ක ගාස්තුවක් අය කෙරේ.
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නා විට, (අවුරුදු දෙකකට අඩු ලේඛන සෙවීමට අවශ්‍ය පරිදි) - එක් පිටපතක් සඳහා රු.250.00 ක ගාස්තුවක් අය කෙරේ.
- අවශ්‍ය අයදුම්පත ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක/වෙබ් අඩවියක රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැක. 
විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
- විවාහ සහතිකයේ පිටපත්, සිදුවූ විවාහයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත යුතුය.
- අදාළ සහතිකය දත්ත පද්ධතියේ තිබේ නම්, එහි සහතික කළ පිටපත ඔබ අසල ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
-1960.01.01 සිට 2020.01.01 දක්වා සහතිකවල පිටපත් පද්ධතියෙන් ලබා ගත හැක. (ඔබ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් eBMD පද්ධතියේ තිබේදැයි පරීක්ෂා කිරීමෙන් එය තහවුරු කර ගත හැක.)
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි දිනය දන්නා විට - එක් පිටපතක් සඳහා රු.120.00 ක ගාස්තුවක් අය කෙරේ.
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි දිනය නොදන්නා විට, (අවුරුදු දෙකකට අඩු ලේඛන සෙවීමට අවශ්‍ය පරිදි) - එක් පිටපතක් සඳහා රු.250.00 ක් අය කෙරේ.
- අවශ්‍ය අයදුම්පත ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක/වෙබ් අඩවියක රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැක. 
මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම
- සිදුවූ මරණයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ සහතිකයේ පිටපත් ලබා ගත යුතුය.
- අදාළ සහතිකය දත්ත පද්ධතියේ තිබේ නම්, එහි සහතික කළ පිටපත ඔබ අසල ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
-1960.01.01 සිට 2020.01.01 දක්වා සහතිකවල පිටපත් පද්ධතියෙන් ලබා ගත හැක. (ඔබ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් eBMD පද්ධතියේ තිබේද යන්න පරීක්ෂා කිරීමෙන් එය තහවුරු කර ගත හැක.)
- මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක් පිටපතක් සඳහා රු.120.00 ක ගාස්තුවක් අය කෙරේ.
- මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නා විට, (වසර දෙකකට අඩු ලේඛන සෙවීමට අවශ්‍ය පරිදි) - එක් පිටපතක් සඳහා රු. 250.00 ක් අය කෙරේ.
- අවශ්‍ය අයදුම්පත ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක/වෙබ් අඩවියක රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැක. 
අනුමාන වයස් සහතිකය නිකුත් කිරීම
- උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා නිසි තොරතුරු (රෝහල් උප්පැන්න වාර්තාව/ග්‍රාම නිලධාරී වාර්තාව වැනි උපත සනාථ කිරීම සඳහා ලියකියවිලි) ලබා දීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයෙකුට, අනුමාන වයස් සහතිකය ලබා ගැනීම සඳහා උපන් ස්ථානයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් කළ හැකිය.
- අවශ්‍ය ලියකියවිලි
1. ප්‍රකාශය
2. ලේඛන සෙවීමේ ප්‍රතිඵල
3. දිවුරුම් ප්‍රකාශ සහ වාර්තා
4. ග්‍රාම නිලධාරී වාර්තා
5. උපත සනාථ කිරීම සඳහා තොරතුරු
6. උපන් දිනය සනාථ කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කිරීමෙන්, උපන් දිනය අනුමාන වයස් සහතිකයේ සටහන් කළ හැක.
- වැඩිදුර විස්තර සඳහා ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්ගෙන් උපදෙස් ලබා ගන්න.













